/ Oct 18, 2026

ජාතික රෝහලේ සිටි ශිරන්ති පෞද්ගලික රෝහලකට මාරු වෙලා!

ඇප මත මුදා හැරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ නවලෝක රෝහල වෙත මාරු කර යවා තිබේ.

ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය මීට පෙර අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද අතර එම අවස්ථාවේදී හටගත් හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි.

ජාතික රෝහලේ තාවකාලික ප්‍රතිකාර ලබමින් සිටි ඇය පසුව මෙලෙස පෞද්ගලික රෝහලක් වන නවලෝක රෝහල වෙත වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා මාරු කර යවා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top