කොළඹ වරායේ ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ දකුණු ආසියානු වාණිජ හා සැපයුම් මධ්යස්ථාන (SACLH) ව්යාපෘතිය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට එහි කොටස්කරුවන් තීරණය කර ඇති බව චයිනා මර්චන්ට්ස් පෝර්ට් හෝල්ඩින්ග්ස් සමාගම නිවේදනය කර තිබේ.
අමෙරිකානු ඩොලර් මිලියන 392ක ආයෝජනයක් වන මෙම දැවැන්ත ව්යාපෘතිය අත්හැර දැමූ බව එම සමාගම පෙන්වා දී ඇත.
මෙම අවසන් කිරීම සඳහා ශ්රී ලංකා වරාය අධිකාරිය, අවසන් කිරීමේ ගිවිසුම අත්සන් කළ දින සිට දින 30ක් තුළ අමෙරිකානු ඩොලර් මිලියන 21.9ක වන්දි මුදලක් ආයෝජකයන්ට එකවර ගෙවිය යුතු බව චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩින්ග්ස් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක් වේ.
ව්යාපෘතිය කෙරෙහි බලපෑ බාහිර සාධක, ව්යාපෘති කාලරාමුවල සිදුවූ වෙනස්කම් ඇතුළු කරුණු සලකාබැලූ විට ව්යාපෘතිය නවතාදැමීම සියලු පාර්ශ්වවලට සුබදායක වනු ඇති බව ද අදාළ නිවේදනයේ සඳහන් වේ.
එම නිවේදනයේ පරිදි, ව්යාපෘතිය අත්හිටුවීමෙන් පසු ඒ වෙනුවෙන් ශ්රී ලංකා වරාය අධිකාරිය අමෙරිකානු ඩොලර් මිලියන 21.9ක මුදලක් ව්යාපෘතිය සිදුකරන SACL සමාගමට එකවර ගෙවිය යුතුය.
ඒ ව්යාපෘතිය අවසන් කිරීමේ ගිවිසුම අත්සන් කර දින තිහක් ඇතුළතදී,චීන සමාගමේ අනුබද්ධ ආයතනය යොදවා තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 26ක මූලික ආයෝජනයෙන් නියමිත බදු සහ ප්රමාද ගාස්තු අඩුකිරීමෙන් පසු ඉතිරිවන ප්රමාණය ලෙස එම අමෙරිකානු ඩොලර් 21.9ක මුදල දැක් වේ.
මෙම ව්යාපෘතියේ සියයට 70ක කොටස් අදාළ චීන සමාගම සතුවූ අතර ඉතිරි කොටස් 15% බැගින් මෙරට ඇක්සස් ඉංජිනියරින්ග් හා ශ්රී ලංකා වරාය අධිකාරිය හිමිව තිබුණි.
ඒ අනුව වරාය අධිකාරිය විසින් ගෙවනු ලබන වන්දි මුදල මෙම කොටස්කරුවන් තිදෙනා අතර බෙදීයනු ඇති.





