/ Oct 19, 2026

අග්බෝ සොයා ගනී!

‘අග්බෝ’ වන අලියා සොයා ගැනීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබූ අතර අද (ඔක්තෝබර් 19) අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාච්චදූව ඉහත්තෑව කැලෑ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන්ගේ සහාය ඇතිව එම ඇතා සොයා ගැනීමට හැකි වී තිබේ.

පරිසර අමාත්‍යවරයා විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ උපදෙස් මත, වනජීවී නිලධාරීන්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් විශේෂ කණ්ඩායමක් මෙහෙයුමට යොදවන ලදී.

මෙහෙයුමේ ආරම්භක අදියරේදී යුද හමුදා සාමාජිකයන් 30 දෙනෙකුගෙන් සමන්විත කන්ඩායමක් යොදවා තිබූ අතර, සෙවීම් කටයුතු කඩිනම් කිරීම සඳහා පසුව එම භට පිරිස් සංඛ්‍යාව තවදුරටත් වැඩි කරන ලදී.

වනජීවී නිලධාරීන් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් කටයුතු කළ යුද හමුදා සාමාජිකයෝ, ‘අග්බෝ’ වන අලියා සොයා ගැනීම සඳහා සිදු කළ මෙහෙයුමට සහාය ලබා දුන්හ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top