ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට 2019දී ජනාධිපති සමාව මත නිදහස් කිරීමේදී තම කාර්ය මණ්ඩලයේ නිලධාරීන් අතින් තාක්ෂණික දෝෂයක් සිදුව ඇති බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ ප්රධාන නඩු දෙකක් විභාග වී ඇති අතර, අධිකරණයට බාධා කිරීම සහ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 105 ව්යවස්ථාව යටතේ අධිකරණයට අපහාස කිරීම යන චෝදනා යටතේ (37417/10 සහ 40042 යන නඩු අංක යටතේ) මෙම නඩු පැවතී ඇති බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.
මෙම නඩු දෙක යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දීම සඳහා අදාළ ලිපි ලේඛන අධිකරණ හා බන්ධනාගාර අමාත්යාංශයට යවා අනුමැතිය ලබාගත යුතු වුවත් ජනාධිපති කාර්යාලයේ නීති අංශය භාර අතිරේක ජ්යෙෂ්ඨ ලේකම්වරිය විසින් ඒ බව තමාට දන්වා සිටියද, අදාළ ඉල්ලීම අධිකරණ හා බන්ධනාගාර අමාත්යාංශයට යවා නොමැති බවයි සඳහන් කරන්නේ.
ඒ අනුව අමාත්යාංශයේ අනුමැතියකින් තොරව හුදෙක් තමාගේ අත්සන පමණක් ලබාගෙන ඇති අතර, එය තමා නොමග යැවීමක් බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරත් ප්රකාශ කරයි.






