/ Oct 19, 2026

දිවයින පුරා විදුලි කප්පාදුවක්!

දිවයින පුරා කලාප 4කට බෙදමින් අද සිට (19, 20 සහ 21) පස්වරු 4.30 සිට රාත්‍රී 8.30 දක්වා කාලය තුළ පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික පද්ධති ක්‍රියාකරු (National System Operator) විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් සහ අදාළ විෂයභාර අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ, මෙම යෝජිත විදුලි කප්පාදුව යටතේ දිවයින කලාප හතරකට (4) වෙන් කරනු ලබන අතර, එක් එක් කලාපය සඳහා දිනකට පැයක කාලයක් විදු සැපයුම අත්හිටුවීමට නියමිත බවයි.

මෑතකදී ඇති වූ විදුලිබල පද්ධතියේ අස්ථාරභාවයන් සහ හදිසි බිඳ වැටීම් හේතුවෙන් පද්ධතියේ තුල්‍යතාවය පවත්වා ගනිමින් විදුලි සැපයුම කළමනාකරණය කරගැනීමේ අරමුණින් මෙම පියවර ගැනීමට ජාතික පද්ධති ක්‍රියාකරු විසින් තීරණය කර ඇත.

ඒ අනුව, මෙම විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ සහ අමාත්‍යාංශයේ අවසන් අනුමැතිය ලැබීමෙන් පසු, අදාළ කලාප අනුව විදුලි බිඳ වැටෙන නිශ්චිත වේලා සටහන් ජනතාවට දැනුම් දීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top