ගේට්වේ ජාත්යන්තර පාසලේ අධ්යාපනය ලබමින් සිටි තම දියණිය මානසිකව අපයෝජනයට ලක් කළ බවට කළ පැමිණිල්ලකට අදාළව රජයේ ආයතන නිසි පියවර නොගත් බවට වෛද්ය ටුෂ් වික්රමනායක මහත්මිය කළ පැමිණිල්ලකට ජිනීවා මානව හිමිකම් කමිටුව ප්රතිචාර දක්වා ඇත.

තවද වෛද්ය ටුෂ් වික්රමනායක මහත්මියගේ පැමිණිල්ලට අදාළ ලේඛන ශ්රී ලංකා රජයේ ප්රතිචාරය සඳහා යොමුකර ඇති බව ද මානව හිමිකම් කමිටුව වෛද්යවරියට යොමුකළ ලිපියේ දැක්වේ.
ගේට්වේ ජාත්යන්තර පාසලේ අධ්යාපනය ලබමින් සිටි තම දියණිය මානසිකව අපයෝජනයට ලක්කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්රී ලංකා පොලිසිය, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් සාධාරණ විමර්ශනයක් නොවී යැයි ද වින්දිතයන් හා සාක්ෂිකරුවන් සුරැකීමේ අධිකාරියේ විශේෂ කමිටුවකින් නිකුත් කළ පිටු 30ක වාර්තාවක ඒ බව සඳහන් වන්නේ යැයි ද මේ ගැන අදහස් දක්වමින් වෛද්ය වික්රමනායක මහත්මිය ‘ලංකා ටයිම්ස්’ට පැවසුවාය.
සෑම පුරවැසියකුටම පොලිස් ස්ථානයකදී තමන්ගේ පැමිණිල්ල සම්බන්ධව සාධාරණ හා අපක්ෂපාතී විමර්ශනයක් ලබාගැනීමේ අයිතිවාසිකමක් ඇති නමුත් සීදුව පොලීසියේදී මෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හා වින්දිතයන් හා සාක්ෂිකරුවන් සුරැකීමේ අධිකාරියේ විශේෂ පොලිස් ඒකකවලදී තම දරුවාගේ එම අයිතිය ද උල්ලංඝනය වී යැයි ඇය කීවාය.
වසර අටක් තිස්සේත් නඩුවට අදාළව සැකකරුවන් නම් නොකොට අධිචෝදනා ගොනු නොකොට සාක්ෂි නිසි ලෙස විශ්ලේෂණය නොකරමින් තම දරුවා වෙනස්කොට සැලකීමට දැනටමත් භාජනය වී ඇතැයි ද මේ පසුපස දේශපාලන අනුග්රහය ලබන ප්රබල පාර්ශ්වයක් සිටීම ප්රධාන හේතුවක් යැයි ද වික්රමනායක මහත්මිය පැවසුවාය.
ඒ අනුව මේ සියලු කරුණු අන්තර්ගත වන සේ තමා සිදුවෙමින් පවතින අගතිය ගැන ජිනීවා මානව හිමිකම් කමිටුවට පැමිණිල්ලක් කළේ යැයි ද එමගින් මෙසේ ලද ප්රතිචාරය යුක්තිය පතා වූ තම සටනේ ජයග්රාහී පියවරක් යැයි ද වෛද්ය වික්රමනායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
මානෙල් ඩේවිඩ්





