පසුගිය අප්රේල් මාසයෙන් පසු ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිල වාර්තාගත අන්දමින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මැදපෙරදිග මතුව ඇති සංකීර්ණ යුද – දේශපාලන තත්වය මත මෙසේ තවදුරටත් බොර තෙල් මිල ඉහළ යමින් තිබේ.
බ්රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 3.55කින් (3.14%) ඉහළ ගොස් ඩොලර් 116.72ක් ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ. මෙය ලොව බොහොමයක් දර්ශකවල තෙල් මිල ඉහළ යෑමට තුඩු දෙන හේතුවක් බව පැවසේ.
මෙම මිල ඉහළ යෑම පසුගිය අප්රේල් මස 29 වැනි දිනට පසුව සිදු වූ ඉහළම අගය බව වාර්තා වන අතර හෝමුස් සහ හුති කැරලිකරුවන් සමඟ වන ගැටලුව මතින් තත්වය වඩා සංකීර්ණ කර තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරයි.





