/ Oct 25, 2026

අලි ඇතුන් ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදාවෙන් ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක්!

අලි ඇතුන්ගේ ආරක්ෂාව තවසුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් සහ අලි – මිනිස් ගැටුම අවසම කිරීමේ අරමුණින් ත්‍රිවිධ හමුදාවේ දායකත්වය සහිත ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර්ර ගෙන තිබේ.

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ සංකල්පයකට අනුව එම වැඩපිළිවෙල සැලසුම් කර ඇත.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කින් පවසන්නේ පසුගිය 23 වැනිදා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පරසර අමාත්‍යාංශයේදී පැවති සාකච්ජාවේදී උක්ත තීරණය ගත් බවයි.

ඒ අනුව ආරක්ෂක අංශ සතු මෙහෙයුම් හැකියාවන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ කාර්යභාරය සමඟ ඒකාබද්ධ කරමින් වන අලි ආරක්ෂාව සහ අලි – මිනිස් ගැටුම අවම කිරීම සඳහා පවතින වැඩපිළිවෙල තවදුරටත් කාර්යක්ෂම කිරීම මෙහි අරමුණයි.

එම වැඩපිළිවෙලට අනුව ත්‍රිවිධ හමුදාව,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,පශු වෛද්‍ය විශේෂඥයින් සහ අනෙකුත් අදාළ ආයතන සමඟ සමීප සහයෝගීතාවක් වර්ධනය කිරීම සඳහාත් යෝජිත වැඩපිළිවෙල යටතේ අවධානය යොමුකරනු ඇති.

මෑතකදී තිරප්පනේ කෑළෑ ප්‍රදේශයේදී අග්බෝ ඇතා සාර්ථකව සොයා ගැනීම ත්‍රිවිධ හමුදාව සහ වනජීවී බලධාරීන් අතර පැවති ඵලදායී සහයෝගීතාවයේ කැපී පෙනෙන අවස්ථාවක් ලෙසද දැක්විය හැකිය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top