/ Oct 27, 2026

අනුරගේ සුබ පැතුමට ලූලාගෙනුත් ප්‍රතිචාර!

සිව් වෙනි වරටත් බ්‍රසීලයේ ජනතාව විසින් සිය නායකයා ලෙස සිය පරමාධිපත්‍ය බලයෙන් තෝරාගන්නා ලද ලූලා ද සිල්වා වෙත මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබුණු සුබ පැතුමට ඔහු ප්‍රතිචාර දක්වා තිබේ.

ඒ අනුව සිය නිල X ගිණුමේ සටහනක් තබමින් බ්‍රසීල ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේදී අනුර දිසානායක මහතා හමුවීමට ලැබීම තමාට සතුටක් බවයි.

වැරදි තොරතුරු සහ අන්තවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගත හැකි බව බ්‍රසීල ජනතාව සිය ජයග්‍රහණය තුළින් පෙන්වා දුන් බවත් එය විශිෂ්ට ජයග්‍රහණයක් බවත් අදාළ සටහනින් බ්‍රසීල ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම ශ්‍රී ලංකාව සහ බ්‍රසීලය අතර තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමටත්, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමටත් අපේක්ෂා කරන බව ද බ්‍රසීල ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top