/ Nov 05, 2026

අලි ඇතුන් ආරක්ෂා කර ගැනීමට විශේෂ කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරන්න – විපක්ෂ නායකගෙන් යෝජනාවක්!

කාවන්තිස්ස ඇතාගේ ඝාතනයෙන් පසුව තවත් ඇතෙක් කහටගස්දිගිලිය ප්‍රදේශයේ ඝාතනය කර ඇති බවත් අප රටේ පිරිමි අලින්ගෙන් 5-10%ත් අතර ප්‍රමාණයකට පමණක් දළ පිහිටන නිසා මේ දළ ඇතුන් ආරක්ෂා කර ගැනීම විශේෂිත වැඩපිළිවෙළක් ලෙස සලකා ඇතුන් සංරක්ෂණය කිරීමට විශේෂ බලකායක් ස්ථාපිත කිරීමට යෝජනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර ප්‍රශ්න කරමිනි.

අප්‍රිකාවේ වනෝද්‍යාන හා රටවල ඇතුන් වෙනුවෙන් විශේෂිත බලකායක් සම්බන්ධ කර ගෙන ඇති බවත් ඇත්තු 17ක් අවදානමට ලක්ව ඇති බවට පරිසර ඇමතිවරයා කිව්වද තවත් ඇතුන් විශාල පිරිසක් අවදානමේ සිටින බවයි විපක්ෂ නායකයා පැවසුවේ.

එම නිසා වනජීවීන්ට, අලි ඇතුන්ට ආදරය කරන සියලු දෙනා එකට එකතු කර ගෙන ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු අතර රජය තවමත් කටයුතු කරන්නේ වැරදි දත්ත මත පදනම්ව වන හෙයින් අවදානමට ලක්වූ ඇතුන් 30කට වැඩි පිරිසක් සිටින නිසා ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට සහයෝගය ලබා දීමට විපක්ෂය ද සූදානම් බව හෙතෙම පැවසීය.

දිගින් දිගටම ඇතුන් මරණ ඝාතන සංස්කෘතියක් ඝාතන ත්‍රස්තවාදයක් රටේ ක්‍රියාත්මක බවත් මේ කටයුතු කරන මිලේච්ඡයන් හා දඩයක්කාරයන් නීතිය හමුවට ගෙන ආ යුතු බවත් ශ්‍රී ලංකාවේ උග්‍ර වෙමින් පවතින අලි මිනිස් ගැටුම පාලනය කිරීමට 2020 වසරේදී හඳුන්වා දුන් ජාතික ක්‍රියාකාරි සැලසුම ප්‍රමාණවත් නොවන බවත් ඔහු කියා සිටියේය.

2026.6.15 දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද නව ජාතික ක්‍රියාකාරි සැලසුම සකස් කිරීමට ගෙන ඇති පියවර හා ඒ සදහා පත් කළ විශේෂඥ කමිටුවේ සාමාජිකයන් විෂය පථය හා කාලරාමුව ඉදිරිපත් කරන ලෙසත් මේ සැලසුම අවසන් කර කැබිනට් මණ්ඩලයට හා ජනාධිපතිවරයාට ඉදිරිපත් කරන නිශ්චිත දිනය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම 2020 ජාතික ක්‍රියාකාරී සැලසුම වත්මන් තත්ත්වයට ප්‍රමාණවත් නොවන බව තීරණය කිරීමට පාදක වූ විද්‍යාත්මක ඇගයීම සභාගත කරන ලෙසද ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කරන ලදී. මේ සැලසුමේ ක්‍රියාත්මක කළ සහ ක්‍රියාත්මක නොකළ යෝජනා ඉදිරිපත් කරන ලෙසත් ඒවාට වගකිවයුතු ආයතන ඉදිරිපත් කරන ලෙසත් GPS කොලර්, විදුලි වැට සහ අලි අගල් දියුණු කිරීම, පූර්ව දැනුම් දීමේ පද්ධති ගැන මෙහි සඳහන් බැවින් මේ සම්බන්ධ රජයේ මතය ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි වන අලි ගහනය සංචරණ රටා හා වාසස්ථාන ගැන විද්‍යාත්මක අධ්‍යයනයක් කර ඇත් නම් එය කරන ආයතනය හා ප්‍රතිපාදන මෙන්ම ප්‍රතිඵල ඉදිරිපත් කරන ලෙසත් අලි මිනිස් ගැටුම කළමනාකරණය කිරීම සඳහා ජීව විද්‍යාත්මක හා නව තාක්ෂණික ක්‍රමවේද, ජන සහභාගීත්ව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇති නිසා ඒ සඳහා ගෙන ඇති වැඩපිළිවෙළ, ප්‍රදේශ, වැය කළ මුදල් හා අත්පත් කර ගෙන ඇති ප්‍රතිඵල ඉදිරිපත් කරන ලෙසත් වැඩිදුරටත් පැවසීය.

මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන අලි මිනිස් ගැටුම වළක්වා ගැනීම හෝ අවම කිරිමට නව ජාතික ක්‍රියාකාරී සැලසුම තුළ අපේක්ෂිත වාර්ෂික ඉලක්ක හා කාලරාමු ඇතුළත් කර ඇත් නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් 2026.11.2 දින ආරම්භ කළ හස්ථි සේවා මෙහෙයුම නව ජාතික ක්‍රියාකාරී සැලසුමේ කොටසක්ද නැතිනම් එම සැලසුම අවසන් කළ නැති පසුබිමක මෙම මෙහෙයුම ආරම්භ කිරීමට පදනම් වූ විද්‍යාත්මක පදනම හා සාර්ථකත්වය මැනීමේ හා ප්‍රගති ඇගයීමේ ක්‍රමවේද ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

නව ජාතික සැලසුම වෙනුවෙන් 2027 අයවැයෙන් වෙන් කළ මුදලත් මෙම ප්‍රතිපාදන අලිමංකඩ වාසස්ථාන සංරක්ෂණය විදුලි වැට නඩත්තුව ප්‍රජා සහභාගීත්ව හා නව තාක්ෂණික ක්‍රමයන් සදහන් වෙන් කළ මුදලත් සැලසුම සකස් කිරීමට පෙර අලි මිනිස් ගැටුමෙන් පීඩාවට පත්වන පාර්ශ්ව ජෛව විවිධත්වයට ආදරය කරන පරිසර වේදීන් සමග විධිමත් සංවාදයක් පැවැත්වූයේද යන්න දැන ගත යුතු හෙයින් වත්මන් රජය බලයට පත් වීමෙන් පසු ඇත් පරපුර ගැන සිදු කළ සංගණන දත්ත හා ඔවුන් ආරක්ෂා කර ගැනීමට ගෙන ඇති පියවර ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top