වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා අධිකරණයට භාර වී තිබේ.
අද (04) උදෑසන ඔහු මෙලෙස අධිකරණයට භාර වූ බවයි වාර්තා වන්නේ.
වැලිගම සංචාරක හෝටලයක් ඉදිරියේ සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ වැලිගම පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර තිබුණේ ඉකුත් සතියේදියි.