නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති අන්තවාදී සංවිධානයක් පිළිබඳව මේ වන විට තොරතුරු ලැබී ඇති බව අද (04) පැවති කැබිනට් හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
ඒ පිළිබඳව බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කරමින් සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
“නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් එවැනි කණ්ඩායමක් පිළිබඳව තොරතුරු ලැබීමක් පමණයි තියෙන්නේ. ඒ පිළිබඳව බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ තොරතුරු අනාවරණය කර ගනිමින් පවතිනවා. ජනාධිපතිවරයාත් ආරක්ෂක අංශ වැය ශීර්ෂයට ඇවිල්ලා යම් කරුණු ප්‍රමාණයක් කිව්වා. දැනට අපිට කියන්න තියෙන්නේ ආරක්ෂක අංශ ඒ පිළිබඳව සුපරීක්ෂාවෙන් සිටිනවා කියන එක.” යැයි ඔහු වැඩිදුරටත් පැවසුවේය.