/ Mar 12, 2025

සම සුදු කරවන කොලැජන් හොරට ගෙනා අය ගුවන්තොටේදී දැලේ

skin whitening collagen

නීතිවිරෝධිව මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 18ක් වටිනා සිරුර පැහැපත් කිරීමට යොදා ගන්නා විටමින් අඩංගු කිරිපිටි ටින් (කොලැජන්) 179ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අද (05) උදෑසන ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් අතරින් එක් අයෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් තැනැත්තිය කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඔවුන් දෙදෙනා උදෑසන මැලේසියාවේ සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර ජාතික ඖෂධ අධිකාරියේ අවසරයකින් තොරව එම කිරිපිටි තොගය මෙරටට රැගෙන විත් ඇති බව සඳහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top