/ Mar 12, 2025

පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි

Wheat flour unfit for consumption seized

දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි විශාල තොගයක් වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පිටකොටුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ලැබුණු අමතර තොරතුරු මත මෙම තිරිඟු පිටි තොගය සොයාගත් බවයි සඳහන් වන්නේ.

ඒ අනුව වත්තල ගබඩාවේ තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750ක් මෙලෙස සිය භාරයට ගත් බවයි පාරිභෝගික අධිකාරිය පවසන්නේ.

තිරිඟු පිටි තොගයේ කල් ඉකුත් වීමේ දිනයන් 2024 මාර්තු සහ මැයි තිබුණත් එය 2025 දක්වා සකස් කර තිබූ අතර එම පිටි තොගය කෘමීන්ගෙන් දැඩි ලෙස ආසාදනය වී ඇති බව ද අනාවරණය විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top