අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් වී ඇති හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා අද (06) සහභාගී වූ මාධ්‍ය හමුවක දී මේ බව කියා සිටියේය.
කෙසේ වෙතත් අද (06) දිනයේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාර වනු ඇති බවට නිල නොවන ආරංචි මාර්ග වාර්තා කර තිබුණි.
හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදුකරන බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔහු මේ වනවිට නීතියට අවනත නොවී සැඟවී සිටින බව ද පැවසීය.
අධිකරණ නියෝගයකට අවනත නොවී පැන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය යටතේම හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් බවත් හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමේදී පොලීසිය විශේෂ සැලකිල්ලක් නොදක්වන බව ද තහවුරු කළේය.
එමෙන්ම ඔහුට සැඟවී සිටීමට යම් අයෙක් උදව් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
වෙනදාට වඩා වෙහෙසක් රැගෙන හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටින බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට රටින් පිටව ගොස් ඇතැයි තොරතුරු ලැබී නොමැති බව ද පැවසීය.