/ Mar 12, 2025

මිහින්තලේ හිමිගේ ප්‍රශ්න විසඳෙයි: පොසොන් උත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්!

Poson festival under full state sponsorship

මිහින්තලය රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය සඳහා මෙවර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවට ජනාධිපති ජෙ.සහකාර ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ රාජ්‍ය පොසොන් උත්සව කමිටුව පැවැත්වූ අවස්ථාවේදීයි. කෙසේ වෙතත් මිහින්තලේ රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ ඒ අවස්ථාවේදී පසුගිය රජයේ ජනපතිට සහ ඇමැතිවරුන්ට දැඩි චෝදනා එල්ල කළහ.

මෙවර උත්සව කමිටුව වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යන ආයතන තුනම පැමිණීම සම්බන්ධයෙන් ධම්මරතන හිමි ප්‍රශංසාව පළ කරනු ලැබීය.

පසුගිය මැතිවරණ සමයේ ධම්මරතන හිමියන් වත්මන් ජනපති අනුර දිසානායකවද විවේචනය කළේ තමා බැඳි පිරිත් නූල එළියට පැමිණි පසු කඩා දැමූ බවට චෝදනා කරමිනුයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top