/ Mar 12, 2025

ගනේමුල්ල සංජීව-කෙහෙල්බද්දර පද්මේ කල්ලි ගැටුම් උග්‍රයි: වෙඩි පිට වෙඩි

Gang clashes intensify: gunfire erupts

පසුගිය දා අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී වෙඩි තබා මරා දැමුණු ගනේමුල්ල සංජීවගේ කල්ලිය සහ කෙහෙල්බද්දර පද්මේගේ කල්ලිය අතර පවතින ගැටුමේ තවත් ප්‍රතිඵලයක් ලෙස පෙරේදා (8) ගම්පහ අකරවිට සිදු කරන ලද වෙඩි තැබීම හඳුනාගෙන තිබේ.

මෙම ප්‍රහායෙන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර වෙඩි පහරට ලක් වූ චාමර නදී සඳරුවන් නම් අයට දුරකතනෙයන් ඇමැතූ සංජීවගේ කල්ලියේ මෙම ප්‍රහාරය මෙහෙයවූ බව කියන තම්මිට සුගත් නම් අය ඇමැතුම් ලබා ගෙන තිබේ. එහිදී පවසා ඇත්තේ උඹ තාම මැරුණේ නෑ නේද.. පරිස්සම් වෙලා හිටපන් යනුවෙනි.

තුවාලකරු පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ සිටින අතර මෙම ඇමතුම් ලබා ගෙන ඇති බව කියැවේ. කෙසේ වෙතත් විමර්ශන අංශ පවසන පරිදි මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ කෙහෙල්බද්දර පද්මේගේ සමීපතමයන් ය. සංජීව ඝාතනයෙන් පසු මෙම චාමර නදී යන අයට ආරක්ෂාකාරීව සිටින ලෙස පොලිසිය අනතුරු අඟවා තිබිණ.

කෙසේ වෙතත් තතු දත් ආරංචිමාර්ග පවසන්නේ, මෙම කල්ලි දෙක අතර ගැටුම බරපතළ වී ඇති බවත් ජීවිත විශාල ගණනක් මේ හේතුව නිසා අවදානමට ලක් ඇති බවත් ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top