පුත්තලම දිස්ත්‍රික්කයේ, ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රජයට අයත්, අක්කර 35ක් පමණ වන බණ්ඩාරහේන නම් ඉඩම බලහත්කාරයෙන් අල්ලාගෙන සිට හිතවතුන් වෙත ලබා දීමට ගිය ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට ගම්වාසීන් විරුද්ධ වී පහරදී පළවා හැර ඇතැයි වාර්තා වේ.
පසුගිය 5 වැනි දා මෙම ඉඩම අත්පත් කරගැනීමට අදාළ හිටපු මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමඟ බැකෝ යන්ත්‍රයක්ද රැගෙන පැමිණ තිබේ. කෙසේ වෙතත් මේ පිළිබඳ අදාළ වසමේ ග්‍රාම නිලධාරිවරයා විසින් ප්‍රාදේශීය ලේකම්වරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එතැනට මැදිහත් වී ඇත.
ඒ වන විට අදාළ පිරිස බැකෝ යන්ත්‍රය මාර්ගයෙන් ලියැද්දක් සකස්කරමින් සිට ඇති අතර මෙම කටයුත්ත නොනවත්වන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පවසා සිටීමෙන් අනතුරුව පිරිස ඉවත්ව ගොස් තිබේ.
කෙසේ වෙතත් මෙම ඉඩම ඉඩම් කච්චේරියක් පවත්වා ඉඩම් නැති අය වෙත ලබාදීමට සූදානම් කර ඇති ඉඩමක් බවද වාර්තා වේ.