මාදම්පේ ගලහිටියාව, අඹේපුස්ස, දඹුල්ල සහ නාල්ල ප්‍රදේශවලදී සිදුවූ මාරක රිය අනතුරුවලින් අවුරුද්දක් වයසැති සිඟිත්තියක් ඇතුළු පුද්ගලයන් 7 දෙනෙක් මිය ගොස් තවත් 17 දෙනෙකු බරපතළ තුවාල ලැබූහ.
මෙම අනතුරු අතරින් මාදම්පේ ගලහිටියාව සිදුවූ සිඟිත්තියටද දිවි අහිමිව තවත් දෙදෙනෙකු මිය ගිය අනතුරට සම්බන්ධ ත්‍රිරෝද රථයේ රියදුරු සහ බස් රථයේ රියදුරු යන දෙදෙනාම මත්ද්‍රව්‍ය භාවිතා කර සිට ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී එම ත්‍රිරෝද රථයේ 9 දෙනෙකු ගමන් කර ඇති අතර, රියදුරුද ඇතුළුව ත්‍රිරෝද රථයක ගමන් කළ හැකි උපරිම සංඛ්‍යාව දක්වා ඇත්තේ 4ක් ලෙසිනි. ඒ අනුවම මෙම ත්‍රිරෝද රථයේ එම සංඛ්‍යාවට වඩා 5ක් ගමන් කර ඇත.
වගකිව යුතු අංශ පවසන්නේ, රියදුරන්-විශේෂයෙන් බස් රථ රියදුරන් අයිස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පැදවීමේ ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවයි. මෙම අනතුරෙන්ද එය සහතික වෙයි. මගී ජීවිත විශාල සංඛ්‍යාවක් දෑතේ රඳාගෙන යන රියදුරන් මෙසේ සිහිවිකළෙන් ගමන් කිරීම ගැන සොයා බලා රජය ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතු බව මගී ජනතාව පවසති.