/ Mar 19, 2025

ත්‍රස්ත තර්ජන දර්ශකයේ ශ්‍රී ලංකාවට විශේෂ තැනක්!

Terrorist Threat Index

ලොව ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. 2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සිදු කරන විශ්ලේෂණ අනුව මෙම නම් කිරීම කර ඇතැයි සඳහන් වේ.

ලොව වැඩිම ත්‍රස්ත අවදානමක් සහිත රට ලෙස බර්කිනාෆාසෝ ද දෙවැනි රට ලෙස පකිස්තානයද නම් කර ඇත. තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ සිරියාවයි.

ශ්‍රී ලංකාවට එම ලැයිස්තුවේ 100 වැනි ස්ථානය හිමිව ඇත. 2023 වර්ෂයේ මෙරට පැවතියේ 36 වැනි ස්ථානයේ වන අතර සැලකිය යුතු තත්වයක් 2024 හිමිකර ගෙන තිබේ. දකුණු ආසියානු කලාපයේ ත්‍රස්ත තර්ජන අඩුම රට වන්නේද ඒ අනුව ශ්‍රී ලංකාවයි.

සිවිල් යුද්ධ කිහිපයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව මෙවැනි ස්ථානයක් අත් කර ගැනීම සුවිශේෂී බව විශේෂඥයෝ මත පළ කරති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top