රජයේ ඉඩමකට ව්‍යාජ ඔප්පු නිර්මාණය කර විකුණා මුදල් ලබා ගැනීමක් සම්බන්ධ නඩුවකට අදාළව මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වාට ඇප ලබා දෙන ලෙස ඊයේ (04) එම නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහුගේ නීතිඥයන් විසින් ඉල්ලීමක් කළහ.
වයස 82ක් වන හිටපු ඇමැතිවරයාගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රකට වෛද්‍ය විශේෂඥයෙක් ඉදිරිපත් කර ඇතැයි එම නීතිඥයෝ අධිකරණය හමුවේ කියා සිටි අතර මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාරවලට අමතර ප්‍රතිකාර අවශ්‍ය නම් ඔහු සුදුසු වෙනත් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට අවසර ලබා දෙන බවයි.
මෙම නඩුකරයට අදාළව තවත් හිටපු අමාත්‍යවරයෙක් වන ප්‍රසන්න රණවීර ඇතුළු තවත් පිරිසක් මේ දක්වා අත්අඩංගුවට ගැනීමට පොලිසියට නොහැකිව සිටී.