ලොව ප්‍රමුඛතම බිලියනපතියන් 15 දෙනාගේ ලැයිස්තුව ෆෝබ්ස් සඟරාව විසින් නිකුත් කර තිබේ.
පළමුවරට ඔවුන් ලොව පුරා බිලියනපතියන් සෙවීම ඇරඹුවේ 1987 වසරේදී ය. එම වසරේ වාර්තා වූයේ බිලියනපතියන් 140 ක ලැයිස්තුවකි. එය 2017දී 2000ක් වවූ අතර මේ වසරේ එය 3028ක් දක්වා ඉහළ නැග තිබේ.
ලොව පුරා බිලියනපතියන් සතු වත්කම් ප්‍රමාණය ඉහළ නැග ඇති බව ෆෝබ්ස් වාර්තා කරයි. ඔවුන්ගේ මුළු වටිනාකම ඩොලර් ට්‍රිලියන 16කට වඩා වැඩි බව කියැවේ. එසේ ම එක්සත් ජනපදයේ බිලියනපතියන් 902ක් සිටිති. චීනයේ ද 516ක් සහ ඉන්දියාවේ 205කි.
මේ අතරින් පළමුවැන්නා වී ඇත්තේ එක්සත් ජනපදයේ ට්‍රම්ප්ගේ සුමිතුරු එලෝන් මස්ක් ය.
ලොව මුල් පෙළේ බිලියනපතියන් 15 දෙනාගේ ලැයිස්තුව පහතින්,
