රජය විසින් අලුත් අවුරුද්ද වෙනුවෙන් බෙදා දීමට සූදානම් කර තිබූ සතොස සහන මල්ල අත්හිටුවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
එම සහන මල්ල පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු බෙදා දිය හැකි බවද කොමිෂන් සභාව විසින් ලිඛිතව දන්වා ඇත.
අස්වැසුම අපේක්ෂිත පිරිස වන ලක්ෂ 9කට ආසන්න ප්‍රමාණයකට මෙම සහන මල්ල අප්‍රේල් 01 දා සිට 13 දක්වා බෙදා දීමට කටයුතු යොදා තිබිණ.
රුපියල් 2500කට ලබා දෙන මෙම මල්ලේ සැබෑ වටිනාකම රුපියල් 5000කි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියමව ඇත්තේ මැයි මස 10 වැනි දා ට ය.