භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා මූල්‍යමය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය පරිත්‍යාගයක් ශ්‍රී ලංකා රජය විසින් මියන්මාරය වෙත ලබා දී තිබුණි.
ඊට අදාළ චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිනි Marlar Than Htaik වෙත පිරිනමා තිබුණි.
ඒ, ඊයේ (10) දිනයේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ දීය.
පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද විපතට පත් මියන්මාර් ජනතාව වෙනුවෙන් මූල්‍යමය ආධාර ලබාදීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායකට ඇතුළු රජයට කෘතඥතාව පිරිනමන බව ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපතිවරිය එහි දී පැවසීය.
එසේම එම අසීරු අවස්ථාවේ සහන කණ්ඩායම් සහ සෞඛ්‍ය කාර්යමණ්ඩල යොමු කිරීම පිළිබඳව ද තානාපතිනිය ස්තූතිය පළ කළාය.
ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර පවතින දිගුකාලීන ආගමික සහ සංස්කෘතික මිත්‍රත්වය එමගින් තවදුරටත් තහවුරු වනු ඇති බවයි ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ.