පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබියදී, ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවට දැක්වෙන ප්‍රවෘත්ති සමාජය තුළ අත්අඩංගුවට ගැනීමට පූර්වයෙන් ප්‍රචාරය වීම බරපතළ ප්‍රශ්නයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ, යම් කිසි කෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම යනු අත්අඩංගුවට ගැනීමක් නොවන බවයි.
එය සිදු වූයේ කෙසේ දැයි යන්න සෙවීමට පාර්ලිමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් වාමර සම්පත් දසනායක මහතා විසින් ඉල්ලීමක් සිදු කරනු ලැබිය යුතු බව ද ඔහු පවසයි.
එලෙස රහසිගත කරුණු නීතිය ක්‍රියාත්මක වීමටත් පෙර සමාජගත කිරීමෙන් මන්ත්‍රී දසනායකගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වීමක් බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.
“අල්ලස් කොමිසම මීට පෙරත් චාමර සම්පත්ට එල්ල වෙලා තියෙන චෝදනාව ගැන විභාග කළා. ඒත් ඒ එක විභාගයකින්වත් චාමර සම්පත් වැරදිකාරයා කියලා ඔප්පු වෙලා නැහැ. අඩුම ගානේ සැකකරුවෙක් කියලවත් පෙන්නලා දීලා නැහැ” යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.