/ Jul 06, 2025

තුන්සක රියක් දුම්රියක ගැටී බිහිසුණු අනතුරක්

අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ගමන්කරමින් තිබූ දුම්රියක ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුව තිබේ.

කොස්ගම, අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගයේ දී අද (12) උදෑසන මෙම අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු හා පසුපස අසුනේ තවත් කාන්තාවක් ගමන් කරමින් සිට ඇති අතර බරපතල තුවාල ලැබූ අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ත්‍රිරෝද රථය දුම්රිය හරස් මාර්ගය පසුකරනවාත් සමග දුම්රියේ ගැටී ඇති අතර, ත්‍රිරෝද රථයේ එන්ජිම ගැලවී මීටර කිහිපයක් ඈතට විසිවී ගොස් තිබේ.

කෙසේවෙතත් අනතුර සිදුවන අවස්ථාවේ රේල් ගේට්ටුව වසා නොතිබූ බවයි වාර්තා වන්නේ.

ත්‍රිරෝද රථය පදවා ඇත්තේ දුම්රිය ගේට්ටුකරුගේ බාල සොහොයුරෙකු බවද සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top