හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අවසර ලබාගෙන තිබේ.
2004 සිට 2006 දක්වා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැරගෙන යාම සහ ඔහු අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය පිල්ලයන් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.
ඒ, අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
අදාළ සිදුවීමෙන් වසර 19කට පසුව සිදුකෙරෙන විමර්ශනයකට අදාළවයි හිටපු රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.