/ Jun 16, 2025

මහනුවර නැවත යථා තත්වයට පත් වේ

Kandy is restored

පසුගිය 18-28 දක්වා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ පැවැති සිරි දළදා වන්දනාව ප්‍රදර්ශනයට සහභාගි වූ අතිමහත් ජනතාවක් හේතුවෙන් කැළිකසල ගහණ වී පැවැතුණු මහනුවර නගරය කණ්ඩායම් කිහිපයකගේ දායකත්වයෙන් යථා තත්වයට පත් කර තිබේ.

මංමාවත් පුරා කැලි කසල එකතු වී සෞඛ්‍ය ප්‍රශ්නයක් උද්ගත වන තත්වයට පත්ව තිබුණු අතර නගර සභා සේවකයන් දවසේ වැඩි කාලයක් රාජකාරි කළද ඔවුන්ගේ ධාරිතාව එම කටයුත්තට ප්‍රමාණවත් නොවී ය.

නුවර ස්වේච්ඡා කණ්ඩායම්, බැතිමතුන් සහ විවිධ සංවිධාන, ක්ලීන් ශ්‍රී ලංකා ආයතනය ඇතුළු බොහෝ පිරිසක් විසින් මහනුවර නගරය පිරිසිදු කිරීමේ කටයුත්තට දායකත්වය දී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top