/ Jun 09, 2025

අනුර පච පොරොන්දු දීලා ජනතාව අන්දනවා ; සජිත් දෙහි කපයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගිය පාරේ යමින් වත්මන් ජනාධිපති අනුර දිසානායකත් කම්කරු අයිතීන් විනාශ කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, ඊයේ (01) දින තලවකැලේ පැවති සමගි ජන සන්ධානයේ මැයි දින රැළිය අමතමිනි.

මෙම රැළියේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කියා සිටියේ ය.

” කම්කරු ප්‍රජාව තමයි අපේ රටේ ශක්තිය, ප්‍රාණය. අද වන විට කම්කරුවන්ගේ අයිතිවාසිකම් අහිමි වෙලා. ETF , EPF එකට පික් පොකට් ගහන යුගයක් එළඹිලා. පසුගිය රජය IMF එක එක්ක එකතු වෙලා ETF, EPF එක විනාශ කරන්න කටයුතු කළා. ඒ අඩිපාරේ යමින් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාත් ETF, EPF එක විනාශ කරන්න කටයුතු කරමින් සිටිනවා. අපි කම්කරුවන් වෙනුවෙන් අදත් හෙටත් නැගී සිටිනවා

මේ වර්තමාන රජය බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් රට පාලනය කරන්නේ. ජනාධිපතිවරණය දින්නේ බොරු කියලා, මහමැතිවරණය දින්නේ බොරු කියලා අද වන විට ඒ අය පොරොන්දු වුණු පොහොසත් රට ලස්සන ජීවිතය රටේ ජනතාවට උදාවෙලා නැහැ.

පළාත් පාලන මැතිවරණයේදීත් අලුත් බොරු මල්ලක්, අලුත් පච පොරොන්දු මාලාවක් රටේ ජනතාවට ඉදිරිපත් කරලා පිටපිටම තුන්වෙනි වතාවටත් මේ රටේ ජනතාව අනාථ කරන්න හදනවා.”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top