බදුල්ල දිස්ත්‍රික් පා.ම. චාමර සම්පත් දසනායක ඇප මත මුදා හැරීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කර තිබේ.
මන්ත්‍රීවරයාගේ ඇප අයැදුම සලකා බැලූ අධිකරණය රුපියල් ලක්ෂ 10ක ඇප දෙකක් මත ඔහු මුදාහරින ලෙස නියෝග කර ඇත. පොදු දේපළ පණත යටතේ පවරා තිබු නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි චාමර සම්පත් මන්ත්‍රීවරයා ඌව පළාත් මහඇමැති ලෙස කටයුතු කරමින් සිටියදී පෙර පාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබා දීමට රාජ්‍ය බැංකුවකින් ලබා දුන් රුපියල් ලක්ෂ 10ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කරන ලදැයි නඩු පවරා ඇත.