ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.
පසුගිය 24 වැනිදා අදාළ පොලිස් සැරයන්වරයා හා පුද්ගලයෙකු අතර බහින්බස්වීමක් අතරතුරදී සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් මෙලෙස වැඩ තහනම් කළ බව සඳහන්.
ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුව – මඩගල්ල මාර්ගයේ දී අධික වේගයෙන් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු හා කාන්තාවක් පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට යාමේ දී ඇතිවූ බහින් බස්වීමකින් දුරදිග යෑමෙන් මෙම පහර දීම සිදුව ඇත.
පොලිස් නිලධාරියා විසින් පහරදීමක් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් I පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර විඩීයෝ දර්ශනයට අදාළ පුද්ගලයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් I පොලිස් අධිකාරිවරයා විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.