/ Jun 09, 2025

දයාසිරි ගැන හොයන කමිටුවෙන් ගයන්ත ඉවතට – හකීම් ඇතුළට

දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවෙන් ගයන්ත කරුණාතිලක ඉවත් වී ඇති බව කතානායක ජගත් වික්‍රමරත්න පවසයි.

අද (6) දිනයට අදාළ පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කරමින් කතානායකවරයා මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

ඒ වෙනුවට නීතිඥ රවුෆ් හකීම් මහතා පත්කළ බවත් කතානායකවරයා දන්වා සිටියේය.

ඉකුත් මැයි 20 වැනිදා පාර්ලිමේන්තු සභා ගර්භය තුළදී දයාසිරි ජයසේකරගේ ක්‍රියාකලාපය සම්බන්ධව ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා ත්‍රිපුද්ගල කමිටුව පත්කර කිරීමට පියවර ගෙන තිබුණි.

මෙම කමිටුවේ සභාපති ලෙස නියෝජ්‍ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර පත් කළ අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක සෙසු සාමාජිකයන් ලෙස පත් කර තිබුණි.

ඒ අනුව, ගයන්ත කරුණාතිලකගේ ඉවත්වීමත් සමග රවුෆ් හකීම් එම ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජික‍යෙකු වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top