පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (6) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
ඒ, කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323ක් මුදාහැරීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා ය.
එහිදී ඔහු පවසා සිටියේ, බහාලුම් මුදාහැරීම ගැන කැඳවිය යුතුව ඇත්තේ විෂයභාර අමාත්‍යවරයා හා නිදහස් කළ කමිටුව නමුත් ප්‍රශ්නය ඉදිරිපත් කළ අයව පමණක් කැඳවා ඇති බවත් ය.
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආණ්ඩුවේ ආයතනයක් බවට පත්කරගෙන ඇති බව ද මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත.
තව ද විපක්ෂය මර්දනය කිරීමටත්, ආණ්ඩුවේ අයව බේරීමටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදාගන්නා බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.