ෆුකෙට් දූපතේ සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කර තිබු එයාර් ඉන්දියා ගුවන්යානයක් (AI 379) ආපසු ගුවන්තොටුපොළ වෙත හරවා යවා තිබේ.
බෝම්බ බියක් වාර්තාවීම හේතුවෙන් අද (13) උදෑසන අදාළ ගුවන්යානය මෙලෙස හරවා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
බෝම්බ බියක් ඇති බවට යානයේ නියමුවා එරට වේලාවෙන් උදෑසන 9.30ට පමණ ගුවන් ගමනාගමන පාලක මැදිරියට දැනුම් දුන් බව ෆුකෙට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වාර්තා කර තිබේ.
ඒ අනුව ගුවන්යානය හදිසි ගොඩබෑමකට අවසර ලබා දී ඇත.
මගීන් 156 දෙනෙකු රැගත් ගුවන්යානය එරට වේලාවෙන් උදෑසන 9.15ට ගුවන් ගතවී ඇති අතර, එය උදෑසන 11.38ට ආරක්ෂිතව ගොඩබස්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවන්ගේ වැඩිදුරටත් සඳහන් වන්නේ.