/ Jun 17, 2025

චාමරට එරෙහි නඩුවකට අධිකරණ නියෝගයක්

2016 වසරේ පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් ඉවත් කරගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ එකසිය හැත්තෑ හයකට අධික පාඩුවක් සිදුකළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි නඩුවක් කල් දමා තිබේ.

මෙම පැමිණිල්ල අද (17) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී හමුවේ කැඳවූ අවස්ථාවේ දී අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත්තේ අදාළ සිදුවීමට අදාළ විමර්ශන තවමත් අවසන් කර නොමැති බවයි.

විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙස එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල යළි නොවැම්බර් මස 18 වනදා කැඳවන ලෙස නියම කළාය.

නඩුව කැඳවන අවස්ථාවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත මුදාහැර සිටින චාමර සම්පත් දසනායක ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top