/ Jun 09, 2026

චාමර සම්පත්ටත් අධි චෝදනා!

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබෙන බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ, මෙම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්ත අවසන් කළ මහේස්ත්‍රාත්වරයා මහාධිකරණය නොතීසියක් ලද විට අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා වෙත නියෝග කරන ලදී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top