අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි.
උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව සඳහන්.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරින් සමග පැවත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණය කරන බවයි දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් කේ.ඩි.දුමින්ද ප්‍රසාද් මහතා පැවසුවේ.