/ Jun 24, 2025

සටන් විරාමයට ඉරානයෙන් මිසයිලයක්!

ඉරාන – ඊශ්‍රායෙල සටන් විරාමයක් වෙනුවෙන් එක්සත් ජනපද ජනපතිවරයා යෝජනා කළ සටන් විරාම ගිවිසුම කඩ කරමින් ඉරානය විසින් ඊශ්‍රායෙලයේ ඉලක්ක කිහිපයක් වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇත්තේ සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඉරානය සිදුකළ පහරදීමට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානම් බවය.

මෙකී සටන් විරාම උල්ලංඝන ප්‍රහාරයට එරෙහිව බලගතු ප්‍රතිප්‍රහාරයක් දෙන්නැයි තම හමුදාවට උපදෙස් දුන් බවද හෙතෙම අවධාරණය කළේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top