ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් ජාතික සෞඛ්‍ය පද්ධතියට ලබා දී රාජ්‍ය මුදල් කෝටි ගණනක් වංචා කිරීමේ නඩුකරයට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ පිරිසට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන් ලෙස හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ තවත් හිටපු කැබිනට් ඇමැතිවරුන් පිරිසක් නම් කර ඇතැයි වාර්තා වේ.
හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ යන හිටපු කැබිනට් අමාත්‍යවරුන් ඇතුළත් ය. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායමක්ද ඊට ඇතුළත් වේ.
හිටපු සෞඛ්‍ය ඇමැති ඇතුළු 12කට අධිචෝදනා 13ක් ගොනු කරමින් නඩුව ගොනු කර තිබේ.