කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට පසුගිය දා රජය තීරණය කළේ ය. ඒ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ගුණසේකර පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර විවිධ පාර්ශ්වයන්ගෙන් එයට බලවත් විරෝධයක් එල්ල වූ පසුබිමක එම තීරණය ආපසු හැරවීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
මේ වෙන විට කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවාගන්නා බවට එම වෙබ් අඩවියේ දැන්වීමක් පළ කර ඇත.
දේශීය සිසුන් සඳහා මෙම පාඨමාලාව වසර 5කින් හැදෑරීමට රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයක පමණ විද්‍යාල ගාස්තුවක් අය කෙරෙන බව සඳහන්.