හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු සැකකරුවන් තිදෙනා එළැඹෙන ජූලි මස 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
අද (07) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර ඇත.
හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ තිබී රන් ආලේපිත ගිනිඅවියක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් දුමින්ද දිසානායක මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටී.