/ Jul 08, 2025

වෛද්‍ය මහේෂිට අධිකරණ නියෝගයක්! සහචරයින් දෙදෙනාට ඇප

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

ඒ අනුව, සැකකාරිය එළඹෙන 15 වනදා දක්වා තවදුටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියම කර ඇත්තේ.

වෛද්‍ය මහේෂි විජේරත්න තමන් අනුබද්ධිත පෞද්ගලික සමාගමක් හරහා වෛද්‍ය උපකරණ රෝගීන්ට ඉතා වැඩි ගණන්වලට අලෙවි කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමෙන් පසු දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.

මොළය මිය ගොස් දින කිහිපයක් ගත වූ බවට ප්‍රකාශ කරන ලද රෝගීන්ට වෛද්‍ය මහේෂි විජේරත්න සැත්කම් සිදු කර ඇති බව ද මෑතකදී අනාවරණය විය.

ඇය සහ ඇයට සහාය වූ ඇගේ සහචරයින් දෙදෙනෙකු ද රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළේ ඔවුන් දෙදෙනා ඇප මත නිදහස් කරන ලෙසයි.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top