/ Feb 13, 2026

20 වියැති ලාංකික යෞවනියට කැනඩාවේදී ආ මාරකය!

පසුගිය  මාර්තු 7 වැනි දා කැනඩාවේදී සිදු කෙරුණු වෙඩි තැබීමකින් 20 වියැති ශ්‍රී ලාංකික තරුණියක් ඝාතනය වී ඇතැයි වාර්තා වේ. මෙම වෙඩි තැබීමෙන් 26 වියැති පිරිමි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති අතර බල්ලෙකුද මිය ගොස් තිබේ.

පසුගිය වසර තුළ කිහිප වතාවක් මෙම ඝාතනය සඳහා වෙඩි තැබීම් උත්සාහයන් ගෙන ඇතැයි විමර්ශන අංශ සැක පළ කරයි.

වෙඩි වැදුණු පුද්ගලයන් දෙදෙනා තුවාළ සහිතව සොයා ගෙන ඇති අතර තරුණිය නිලක්ෂි රඝුදාස් බවට හඳුනාගෙන තිබේ.

නවීන පන්නයේ කළු පැහැති සෙඩාන් රථයක පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බව පැවසෙන අතර මෙයට පෙර කරන ලද වෙඩි තැබීමේ උත්සාහයන් ගැන කළ පැමිණිලි සම්බන්ධවද විමර්ශන සිදුව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top