අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ට සැඟව සිටීමට හෝ නවාතැන් පහසුකම් ලබා දෙන සිවිල් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ, බුද්ධික මනතුංග පවසයි.
අපරාධවලට සම්බන්ධ සැකකරුවෙකු සඳහා නවාතැන් පහසුකම් ලබා දීම සහ සැඟව සිටීමට ආධාර අනුබල ලබා දීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වාදෙයි.
ඒ අනුව එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඉදිරි නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවයි හෙතෙම සඳහන් කළේ.
එසේම අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 21 වැනි වගන්තිය යටතේ ඇතැම් වැරදි සම්බන්ධ තොරතුරු මහජනතාව විසින් පොලිස් නිලධාරීන්ට දැනුම්දීමට බැඳී සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.