/ Mar 03, 2026

තෙල් පෝලිමක මරණයක්!

යතුරුපැදියට ඉන්ධන ලබා ගැනීම පිණිස පෝලිමක රැඳී සිටි අයෙකු හදිසියේ මරණයට පත් වූ පුවතක් කුරුණෑගල වැල්ලව ප්‍රදේශයෙන් වාර්තා වේ.

පෙරේදා (01) සවස ගෝනගම පිහිටි සමූපකාර ඉන්ධන පිරවුම්පොළේ ඉන්ධන ලබාගැනීම සඳහා පෝලිමේ රැඳී සිටියදී  වැල්ලව, මුළුගහපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි මද්දුම කංකානම්ලාගේ අසිත රුවන් මද්දුමගේ යන මෙලෙස හදිසියේම බිම ඇද වැටී තිබේ. 

නතුරුව 1990 සුවසැරිය ගිලන් රථ සේවාව මගින් ඔහුව වහාම කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. කෙසේ වෙතත් රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් තහවුරු කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.

වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top