“දිත්වා” සුළි කුණාටුව යනු උතුරු ඉන්දීය සාගරයේ සුළි කුණාටු සමයේදී ඇති වූ සක්‍රීය නිවර්තන සුළි කුණාටුවකි. මෙම පද්ධතිය ශ්‍රී ලංකාවට ආසන්නව බෙංගාල බොක්කේ නිරිතදිග මුහුදු ප්‍රදේශයේ ඇතිවීම නිසා දිවයිනට ඍජු හා දැඩි බලපෑමක් එල්ල විය. එහි වර්ධනය හා ගමන් මාර්ගය, මෙරට යටිතල පහසුකම් සහ ජන ජීවිතය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කර තිබේ. ජීවිතය විශාල සංඛ්‍යාවක් බිලිවී ඇති අතර අතුරුදන් වු ගණනද විශාල ය. දේපොළ විනාශයද අතිමහත්ය.
ආරම්භය, වර්ධනය සහ නාමකරණය
“දිත්වා” සුළි කුණාටුව මුලින්ම ඇති වූයේ ශ්‍රී ලංකාවේ ගිනිකොනදිග වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ගැඹුරු පීඩන අවපාතයක් වශයෙනි. උණුසුම් මුහුදු මතුපිට උෂ්ණත්වය සහ හිතකර වායුගෝලීය තත්ත්වයන් හේතුවෙන් මෙම පද්ධතිය වේගයෙන් තීව්ර විය. ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) විසින් මෙම අවපාතය සුළි කුණාටුවක් දක්වා තීව්ර වීමත් සමඟ ‘දිත්වා’ ලෙස නිල වශයෙන් නම් කරන ලදී. ‘දිත්වා’ යන නම යෝජනා කරන ලද්දේ යේමනය විසින් වන අතර, එය යේමනයට අයත් සොකෝත්‍රා දූපතේ පිහිටි සුප්‍රසිද්ධ ස්වාභාවික කලපුවක් වන ‘ඩෙට්වා කලපුව’ සිහිපත් කරයි.
සුළි කුණාටුවේ ගමන් මාර්ගය සහ කේන්ද්‍රය
සුළි කුණාටුවේ කේන්ද්‍රය මුලින්ම පිහිටියේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට, විශේෂයෙන් මඩකලපුවට කිලෝමීටර 120ක් පමණ ගිනිකොන දෙසින්ය. පද්ධතිය උතුරු-වයඹ දෙසට ගමන් කරමින් ශ්‍රී ලංකාවේ වෙරළබඩට ආසන්නව ගමන් කළේය. මෙම ගමන් මඟ හේතුවෙන් දිවයින පුරා ඍජු බලපෑම් වෙමින් තිබේ. සුළි කුණාටුව දිවයිනෙන් ඈත්වූ පසු එය තමිල්නාඩු සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළට ළඟා වෙතැයි අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකාවට එල්ල වූ ප්‍රබල බලපෑම
“දිත්වා” සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් සහ තද සුළං වාර්තා විය. උතුර, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවල මිලිමීටර 300 ඉක්මවූ ඉතා තද වැසි ලැබුණු අතර, දිවයිනේ සෙසු ප්රදේශවලද සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා විය. මේ සමඟම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පැයට කිලෝමීටර 60-70 අතර ඉතා තද සුළං සහ ඇතැම් විට පැයට කිලෝමීටර 80 දක්වා තද සුළං ඇති විය. මෙම තත්ත්වය මගින් ගංවතුර සහ නාය යෑම් තත්ත්වයන් ඇති වූ අතර, මධ්‍යම කඳුකරයේ නුවරඑළිය සහ බදුල්ල වැනි දිස්ත්‍රික්කවල ජීවිත හානි සහ දේපළ හානි සිදුවිය.ෙ
අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවන හානි අවම කර ගැනීම සඳහා රජය සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් කල් වේලා ඇතිව මහජනතාවට අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදී. අධික අවදානම් තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතන නිවාඩු ලබා දීමට පියවර ගත් අතර, පාර්ලිමේන්තුවේ කටයුතු පවා අත්හිටුවීමට සිදු විය. දිත්වා සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ කාලගුණික ඉතිහාසයේ ඉතා ඉක්මනින් ඇති වී දැඩි බලපෑම් කළ මෑත කාලීන ආපදාවක් ලෙස සටහන් වේ.
තවදුරත් “දිත්වා”හි බලපෑම ක්‍රියාත්මක අතර හෙට (29) තීරණාත්මක බව විශේෂඥයින්ගේ අදහසයි.





