පවුල් ආරවුලක් ඝාතනයකින් කෙළවර වූ අවාසනාවන්ත පුවතක් ඊච්චන්කුලම පොලිස් වසමේ කල්මඩු ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.
ඊයේ (04) උදෑසන කාලයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර පවුලේ ආරවුලක් හේතුවෙන් ස්වාමි පුරුෂයා විසින් බිරිඳව ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ. වූ බව පොලීසිය පවසයි.
එලෙස මියගොස් ඇත්තේ පුම්පුකාර්, කල්මඩු ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි කාන්තාවකි.
ඊයේ උදෑසන කාලයේ කල්මඩු ප්‍රදේශයේ නිවසක කාන්තාවක් හිසෙහි තුවාල සහිතව මියගොස් ඇති බවට ඊච්චන්කුලම පොලිස් ස්ථානයට පණිවිඩයක් ලැබී තිබුණු අතර ඒ අනුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය ස්වාමිපුරුෂයා විසින් සිදු කර ඇති බවයි.
ඝාතනය සිදුකළ 33 හැවිරිදි ස්වාමිපුරුෂයා තම දියණිය සමඟ නිවසින් පිටව ගොස් එරාවූර් පොලිස් ස්ථානය වෙත භාර වී ඇත.
ඊච්චන්කුලම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.





