/ Apr 20, 2025

කලාකරුවන් වෙනුවෙන් උසස් අවමංගල්‍ය ශාලාවක්!

A high-end funeral parlor for artists!

කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු මිය ගිය විට ඔහුගේ හෝ ඇයගේ දේහය තැබීම සඳහා උසස් තත්වයේ අවමංගල්‍ය ශාලාවක් ඉදිකිරීමට රජය තීරණය කර ඇති බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි පවසයි. 

මේ දක්වා එය සිදු කළේ ජාතික කලාභවනේ බවත් එය ද තවම හරිහැටි පිළිසකර කර ගැනීමට බැරි වී ඇති බවත් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

ජාතික කලාභවන රටක ජාතික කලාභවන ලෙස පිළිසකර කර පවත්වාගෙන යෑමට අදහස් කරන බවත්, රාජ්‍ය අනුග්‍රහය සහිත උසස් මට්ටමේ පාලර් එකක් රජයෙන් ඉදිකරන බවත් ඔහු කියා සිටියේ ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top