සංවිධානාත්මක අපරාධකරුවන්ගේ මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ රුපියල් මිලින 6000 ක දේපල මේ වන විට තහනම් කිරීමට හැකි වී තිබෙන අතර එය ඉතිහාසගත තත්ත්වයක් බව පොලීසිය පවසයි.
මෙම දේපළ අතුරෙන් රුපියල් මිලියන 5423 ක දේපල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 102 දෙනෙකුට අයත්ව තිබූ බවත් රුපියල් මිලියන 209 ක් සංවිධානාත්මක අපරාධකරුවන් තුන්දෙනෙකු සතු දේපළ බවත් සඳහන්.
පිරමීඩ වංචා, ළමා අපයෝජන සහ පුපුරණද්‍රව්‍ය වැරදිවලට සම්බන්ධ 08 දෙනෙකුගේ රුපියල් මිලියන 364 ක දේපල ද ඒ අතර වෙයි.
මෙරට අපරාධ ජාලය මෙන්ම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන සැකකරුවන් විදේශන්හි සැගව සිටිමින් එමනීති විරෝධී කටයුතුවල නිරත වින සිදුවන අතර මේ වන විට විමර්ශන හරහා ඔවුන් අත්අඩංගුවට ගනිමින් තිබේ.
ඒ අනුව පසුගිය කාලයේදී විමර්ශන 2406ක් ක්‍රියාත්මක කර ඇති අතර දැනටමත් විමර්ශන 1410 ක් ක්‍රියාත්මක තලයේ පවතින බව දැක්වෙයි.
සැකකරුවන් 277 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මහාධිකරණයේ විභාග වන නඩු සංඛ්‍යාව 17ක්.
නීතිපතිවරයා වෙත ගොනු 95 ක් යොමු කර ඇති බවත් අපරාධකරුවන් උපයාගත් රුපියල් මිලියන 168 ක වටිනාකමකින් යුත් රත්‍රං පිළිබඳ විමර්ශන 06 ක්,
රුපියල් මිලියන 428 කට අයත් බැංකු ගිණුම් 176 ක් පිළිබඳ විමර්ශන 26 ක්, රුපියල් මිලියන 1322 ක් වටිනා අක්කර 235 කට අධික ඉඩම් මිලදී ගැනීම,
රුපියල් මිලියන 1171ක වියදමින් මිලදී ගත් වාහන 142 ක් සම්බන්ධයෙන් විමර්ශන 51 ක්, රුපියල් මිලියන 461 ක මුදලක් සම්බන්ධයෙන්, රුපියල් මිලියන 1437 ක් වටිනා නිවාස 55 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකෙරෙමින් තිබේ.
කඩ කාමර 21 ක් සම්බන්ධයෙන් විමර්ශන 06 ක් ක්‍රියාත්මක අතර එම කඩ කාමරවල වටිනාකම රුපියල් මිලියන 214 ක් බව සඳහන්.
ගොඩනැගිලි 08 ක් සම්බන්ධයෙන් සැක පවතිනවා. ඒවායෙහි වටිනාකම රුපියල් මිලියන 250ක් බව දැක්වෙයි.
බහුදින ධීවර යාත්‍රා 12 ක් පිළිබද විමර්ශන ආරම්භ කර ඇති අතර ඒවායෙහි වටිනාකම රුපියල් මිලියන 305 කි.
රුපියල් මිලියන 239 ක් වටිනා අනෙකුත් දේපල හා සම්බන්ධයෙන් විමර්ශන 08 ක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පොලිසිය පවසයි.
එමෙන්ම වත්මන් රජය බලයට පත්වීමෙන් පසු රතු වරෙන්තු නිකුත් කර තිබූ සැකකරුවන් 28 දෙනෙකු දිවයිනට රැගෙන ඒමට හැකිව තිබේ. තවද රතු නිවේදන නොමැති සැකකරුවන් 38 දෙනෙකු ද දිවයිනට රැගෙනවිත් නීතිය ක්‍රියාත්මක කිරීමට හැකිව තිබේ.
2024 වසරේ සැප්තැම්බර් මාසයෙන් පසු මේ දක්වා ජාත්‍යන්තර පොලීසිය හරහා සැකකරුවන් රැගෙන ඒමට අවශ්‍ය රතු නිවේදන 110 ක් නිකුත් කිරීමට ක්‍රියා කර ඇත.
මේ අනුව මෙරට පොලීසිය මගින් නිකුත් කර ඇති සමස්ත රතු නිවේදන සංඛ්‍යාව 2026 කි. සැකකරුවන් 35 දෙනෙකු සැගව සිටින රටවල් පිළිබද තොරතුරු ද දැනටමත් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකිව තිබේ.ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය,රුසියාව , කැනඩාව සහ ඉතාලිය යන රටවල රැදී සිටින බව සඳහන්.






