/ Jun 25, 2025

පුනරුදයේ නියමුවෙක් ඉල්ලා අස් වෙයි!

ආචාර්ය බන්දුල දිලීප විතාරණ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මේ ඉල්ලා අස්වීමත් සමඟ ප්‍රවාහන මහාමාර්ග සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායකගේ පාලනයේ ඇති ආයතනවලන් ඉල්ලා අස් වූ තෙවැනි සභාපතිවරයා බවට ඔහු පත් වේ.

දිලීප මෙරට බුද්ධිමය කතිකාවට ප්‍රමාණාත්මක දායකත්වයක් එක් කළ බුද්ධිමතෙකු වන අතර, ජාතික ජනබලවේගය ගෙනා පුනරුදය කතිකාවේ ප්‍රධාන වැඩ කොටසක් ඉටු කළ අයෙක් ලෙස සැලකිය හැකියි. එසේ ම විශ්වවිද්‍යාල ආචාර්ය සටන්වලදීද වැදගත් මැදිහත්වීමක් ඉටු කළ දිලීප ජාතික ජනබලවේගයේ සිවිල් බුද්ධිමතුන් අතර ස්වාධීනව කටයුතු කිරීමට යම් උත්සාහයක් ගත් අයෙකු ලෙසද සැලකිය හැකියි.

කෙසේ වෙතත්, ඔහුට භාර දුන් වගකීම සහ ඔහුගේ විෂය ක්ෂේත්‍රයන් අතර නොගැලපීමක් නිරීක්ෂණය වූ අතර මේ වන ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශ ලේකම්වරයා වෙත භාර දී ඇතැයි වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top